වසර 12000ක පමණ කාලයක් මුලුල්ලේ මනුෂ්‍ය ප්‍රජාවගේ ළගින්ම සිටි ශාකමය සහෘදයා කංසා ය. ගල් යුගයෙන් පසු කෘෂි ජීවන ක්‍රමයකට පැමිණි මිනිසා පළමුවෙන්ම ගෘහස්ථකරණය කළේ කංසා ය. එකල සිට 1900 මැද භාගය පමණ වන තුරු මිනිසාගේ මුලික අවශ්‍යතා සදහා කංසා උදව් විය.
- කුසගින්න නිවාලීමට පෝෂක ගුණෙන් අනූන ඇට ලබාදෙයි.
කංසා බීජ වල දැඩි ආවරණය ඉවත් කරගත් පසු එහි මදය කැද සෑදීම සදහා භාවිතා කල හැකිය. කංසා බීජ වල මත්වන සුලු බව නොමැති අතර, එමනිසා ඕනෑම කෙනෙකුට එය භාවිතා කල හැකිය. ශරීරයට අව්ශ්ය ප්රතිශක්තීකරණය වැඩි දියුණූ කිරීමට අදාල සියලුම රසායන ද්‍රව්‍ය එහි අඩංගුය.
- සිරුර වසා ගැනීම සදහා ඇදුම් නිමැවුමට කෙදි ලබා දෙයි.
කංසා ශාකයේ පොතු තලා එමගින් ලබාගන්නා කෙදි මගින් අතීතයේදී සියලුම රෙදිපිළි, ලණූ, කඹ වර්ග මෙන්ම රුවල් නැව් වල රුවල් පවා ඒවායින් නිර්මාණය කල වග ඔබ දන්නවාද? ඔව්. කංසා ශාකයේ කෙදි ඉතා ශක්තිමත් නිසා ඒවා අතීතයේදී ඒ සදහා භාවිතා කලා.
- ආහාර පිසීමට සහ පහන් පත්තු කිරීමට තෙල් ලබා දෙයි.
කංසා ශාකයේ කද ඉතා හොදින් දැවෙන ඉන්ධනයක්. ඒ අතරම කංසා මලෙන් ලබාගන්නා තෙල් ඉතා හොද ඉන්ධනයක්.
- විවිධ රෝගී තතවයන්ගෙන් සහනය ලබා ගැනීමට ඔෂධීය රසායන ලබාදෙයි.
පිළිකා, ඇල්සයිමර්, අමාශගත රෝග, චර්ම රෝග ඇතුලුව රෝග ගනනාවකටම බෙහෙත් වශයෙන් කංසා වැදගත් වේ. හෙල ආයුර්වේදයේ මූලිකම ඖෂදයක් වන කංසා වල ඖෂධමය වටිනාකම කියා නිම කල නොහැකිය.
- කායික, මානසික සහ අධ්‍යාත්මික සෙෞඛ්‍ය ඉහල නැංවීම සදහා THC, CBD, CBN වැනි රසායන ලබා දෙයි.
කංසා දුම අතීතයේදී භාවිතා කලේ දැවෙන අගුරු මතට කංසා මල් දමා ඒ එන දුම ආග්රාහණය කොටය. එමගින් චිත්ත ඒකාග්‍රතාව වැඩි කල අතර මනසේ නිර්මාණශීලී හැකියාව මනාව වැඩි කලේය.
- ලේඛන කටයුතු සදහා කඩදාසි සාදා ගැනීමට තන්තු ලබා දෙයි.
ලෝකයේ මුලින්ම කඩශාසි නිර්මාණය කලේ කංසා පොතු තලා ලබාගත් කෙදි වලින්ය. එපමණක් නොව, කංසා කෙදි මගින් පරිසර හිතකාමී ප්ලාස්ටික් උපකරණ,ගමන් මලු නිපදවිය හැකි බව ඔබ දන්නවාද. පරිසරයට පිලිකාවක් වී ඇති පොලිතීන් හා ප්ලාස්ටික් අර්බුධයට එය ඉතා හොද විසදුමක් වනු ඇත.
- රූපලාවන්‍ය නිෂ්පාදනයට ඖෂධීය තෙල් ලබා දෙයි.
සමට අහිතකර විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කොට නිපදවන විවිධ ක්‍රීම් වර්ග, ආලේපන වර්ග සමට හිතකර නැත. විවිධ චර්ම රෝග එමගින් ඇති වන බව ඔබ හොදාකාරවම දන්නවා ඇති. කංසා භාවිතා කොට ක්‍රීම් වර්ග, ආලේපන වර්ග, ෂැම්පෝ වර්ග මෙන්ම තොල් ආලේපන පවා නිපදවිය හැකිය. ඒවා කිසිසේත්ම සමට අහිතකර නැත.
- එමෙන්ම කංසා භාවිතා කොට රසවත් කෑම වර්ග සෑදිය හැකි බවද කෙටියෙන් මතක් කරමි.
පෙට්‍රෝලියම් ඛනිජයේ භාවිතයන් හදුනාගත් බ්‍රිතාන්‍ය ජාතිකයින් එතෙක් කල් කංසා ශාකයේ අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ සියලු භාණ්ඩ සහ සේවාවන් කෘත්‍රිම රසායනවලින් නිෂ්පාදනය අරම්භ කලේය. වසර 1961 දී එක්සත් ජාතීන්ගේ කේවල ප්රඥප්තිය හරහා කංසා වගා කිරීම, ළග තබා ගැනීම, භාවිත කිරීම, ප්‍රවාහනය සහ වෙලදාම තහනම් කර අධිරාජ්‍යවාදීන්ගේ භාණ්ඩ විකුණා දීම සදහා අවශ්‍ය වටපිටාව සකස් කරදුන්නේ ය. අපේ රට ද එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට එකග විය.
වසර දහස් ගණනක් තිස්සේ මිනිසාට සේවය කළ ශාකයට ඉන්පසු මිනිසුන් ගරහන්නට විය. එය අප්‍රිය කරන්නට විය. එතැන් පටන් මිනිසාගේ අධ්‍යාත්මික, කායික සහ මානසික සෙඛ්‍ය පිරිහෙන්නට විය. ප්‍රතිශක්තිය හීන විය. පෙට්‍රෝලියම් ඛනිජෙන් තැනූ සින්තටික් රෙදි ශරීර වටා දැවෙන්නට විය. කෘතිම ඔෂධ ගිලින්නට විය. ප්ලාසිටික්, පොලිතින් ආදියෙන් පරිසරය විනාශ විය. පෘථිවියේ උණුසුම වැඩි විය. මේ සියල්ලටම හේතුව කෘත්‍රිම ද්‍රව්‍ය පරිහරණය බව තේරැම් ගත් ලොව පුරා බොහෝ රටවල් කංසා ශාකය වගා කරමින් දැවැන්ත සමාජීය වෙනසක් සිදුකරමින් සිටියි.
දැනට පවතින කෘෂි බෝගවලට අමතරව මුලු ලෝකය පුරා කංසා වගා කිරීම අරම්භ කර ඇත්තේ මින් ඉදිරියට ගමන් කළ හැක්කේ කංසා වගා කරන මනුස්ස ජාතීන්ට පමණක් බව ඔවුන් දන්නා නිසාය. ඔවුන් බලාපොරොත්තු වන්නේ කංසා හරහා හිරැ එළිය ගබඩා කර කංසා අමුද්රව්යමත පදනම් වූ සමාජයක් ගොඩ නැගීමය
උසස් රටක් සතු මූල ධනය හිරු නිපදවන ශක්තිය පරිබෝජනය කිරීම යි.
Reviews
There are no reviews yet.